සියයට 70ක් පමණ ඡන්දය ප්‍රකාශ කරති
(Created date: 27-Jan-2010) Back
සුළු සිද්ධීන් කීපයක් හැරුණු විට සාමකාමී ඡන්දයක්
සමස්ත ප්‍රතිඵලය අද පෙරවරුවේ
හය වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ (26 වැනිදා) පැවැති ඡන්ද විමසීමේදී සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කර ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්ද විමසීම ඊයේ දිනයේදී සාමකාමීව සිදු වූ බව පැෆරල් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා "දිවයින" ට පැවසීය.
නාවලපිටිය හා මුල්කිරිගල ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී ඡන්ද පොළ පක්ෂ නියෝජිතයන් පළවා හැරීමේ සිද්ධීන් වාර්තා වන බවත් ගාල්ල හතුගොඩ ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වන බවත් කී ඒ මහතා දිස්ත්‍රික්ක ගණනාවක නීති විරෝධී ප්රචාරක කටයුතු සිදු කළ බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද කීය.
එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි ඡන්ද කොට්ඨාසයේ ඊයේ අලුයම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට ද පැමිණිල්ලක් ලැබී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.
ඡන්ද ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථාන 11098 කදී ආරම්භ වූ අතර උදෑසන ඡන්ද ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවකින් ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙනු දක්නට ලැබිණි. සමහර ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම දහවල් 12.00 පමණ වන විට සියයට පනහ ඉක්මවා තිබිණි. එමෙන්ම සමහර මධ්‍යස්ථානවල උදෑසන සිටම ඡන්ද දායකයන්ගේ දිගු පෝලිම් දක්නට ලැබිණි.
ඡන්ද පෙට්ටි මුද්‍රd තැබීම සවස 4.00 ට පක්ෂ නියෝජිතයන් ඉදිරියේ දී සිදු කෙරිණි. ඡන්ද පෙට්ටි මුද්‍රd තැබීමෙන් පසු විශේෂ පොලිතින් කවරවල බහා එහි කට විශේෂ මුද්‍රdවක් තැබූ අතර පක්ෂ නියෝජිතයන්ට ඡන්ද පෙට්ටිවල රහසිගත ස්ටිකර් ඇලවීමට අවසර ලැබිණි. ඉන්පසුව පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව ඇතිව ඡන්ද පෙට්ටි රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පිහිටවූ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත සවස 06.00 පමණ වනවිට ගෙන යනු ලැබීය. මුලින්ම තැපල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරිණි.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල අද (27 වැනිදා) පෙරවරුවේදී මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් එම කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ටද මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇත.
රනිල් ධර්මසේන

