ජෙනරාල්ගේ කොළඹ දේශපාලන කාර්යාලය පරීක්ෂාවට ලක්කෙරේ
(Created date: 01-Jan-1970) Back
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි දේශපාලන කාර්යාලය ඊයේ (29 වැනිදා) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව පරීක්ෂාවට ලක්කරන ලදී.
ඡායාරූපවල දැක්වෙන්නේ එහිදී එම ප්‍රදේශය අවට දැඩි ආරක්ෂක රැකවරණ යොදා තිබූ අයුරු සහ ජෙනරාල්වරයාගේ දේශපාලන කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු අවස්ථාවකි.
ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි දේශපාලන කාර්යාලය ඊයේ (29 වැනිදා) සවස පරීක්ෂාවට ලක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි සිටි යුද හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් හයදෙනකු සහ සෙබළුන් හත්දෙනකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.
එම කාර්යාලය පරීක්ෂා කිරීමේදී කිසිදු අවි ආයුධයක් නොතිබූ බවත් පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල්වරයාගේ කාර්යාලයේ තිබූ පරිගණක උපකරණ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත් බව ද ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
අකිත පෙරේරා

