ජෙනරාල් මහ මැතිවරණයට එයි
(Created date: 29-Jan-2010) Back
ජෙනරාල් සරත් ෆොන්සේකා, පාර්මේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (28 වැනිදා) ක්වින්ස් මාවතේ නිවසේදී මාධ්‍ය හමුවට කරුණු දැක්වූ අයුරු ඡායාරූයේ දැක්වේ.
පින්තූරය - චන්ද්‍රසිරි වීරසිංහ
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තම දේශපාලනය ඉදිරියට ගෙන යන බවද එහිදී ෆොන්සේකා මහතා සඳහන් කළේය. කුමන පක්ෂයක් හා කුමන ලකුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍ය විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් ෆොන්සේකා මහතා සඳහන් කළේ හංසයා ලකුණ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති බැවින් එA පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගන්නා බවය.
මහ මැතිවරණයට ඉදිරිපත් වන දිස්ත්‍රික්කය හෝ පළාත සම්බන්ධයෙන් තවම තීරණය කර නොමැති බවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග යන මහත්වරු ද සහභාගි වූහ.
අකිත පෙරේරා

